Sonar (Sound Navigation Ranging)- සෝනාර් සහ අතිධ්වනි තරංග වල යෙදුම්

     Sonar (Sound Navigation Ranging) 
                 සෝනාර් සහ අතිධ්වනි තරංග වල යෙදුම්...



ශබ්දයේ පරාවර්තනය බොහෝ යෙදුම් වල,දුර මැනීමේදී වඩා නිවැරදි මිනුම් ලබා ගැනීම සඳහා බහුලව භාවිත කර ඇත.ඒ අතුරින් sonar තරංග,ජලාශ යට පිහිටි වස්තු වල පිහිටීම නිර්ණය සඳහා යොදා ගනියි.

                                SONAR =  Sound Navigation Ranging


ට්‍රාන්ස්මීටරයක් මගින් ශබ්ද ස්පන්දයක්(Sound Pulse) ජලය තුලින් යවා,එම ස්පන්දයේ පරාවර්තනය,නිරීක්ෂක උපකරණයක් මගින්(detector) ග්‍රහණය කරගනු ලැබේ.එම ස්පන්දය ගමන් කර නැවත පැමිණීමට ගත වන කාලය මනිනු ලැබේ.එම කාල අන්තරය ප්‍රවේශමෙන් මැන ගැනීමෙන්,ජලය තුල ශබ්දයේ ප්‍රවේගය දන්නේ නම්,පරාවර්තනය සිදු කල වස්තුව/පෘෂ්ටය  ට ඇති දුර නිවැරදිව මැන ගත හැක.
                              පහත රූපයේ මෙම ක්‍රියාවලිය සරලව පෙන්නුම් කර ඇත.

                                  

මුහුදේ ගැඹුර,ගල්පර පිහිටි ස්ථාන මෙන්ම ගිලුණු නැව්,සබ්මැරීන් පවතින ස්ථාන,මාළු රංචු සිටින ස්ථාන නිවැරදිව නිර්ණය කිරීමට මෙම ක්‍රමවේදය මහෝපකාරී වේ.






** එලෙස මුහුද ආශ්‍රිත මැනීම් සිදුකරන ආකාරය පිළිබඳව,පහත වීඩියෝ නැරඹීමෙන් වැඩිදුර අවබෝධයක් ලබා ගත හැක.

                 


මීට අමතරව,පෘතුවියේ අභ්‍යන්තර ව්‍යූහය මේ ආකාරයට සමාන ආකාරයකින් නිර්ණය කරනු ලැබේ.පරාවර්තන තරංග නිරීක්ෂණය කරමින්,පෘතුවිය හරහා ගමන් කරමින්,ප්‍රභවය ලෙස සිතාමතා ඇති කරනලද පිපිරීමක් භාවිත කරමින් එහිදී එම කාර්ය සිදු කරයි.මෙලෙස පරාවර්තිත තරංග නිරීක්ෂණය මගින් පෘතුවි අභ්‍යන්තරයේ  විවිධ ආකෘති,සීමාවන් නිර්ණය කිරීමට ප්‍රයෝජනවත් වන්නා සේම ඛනිජතෙල් හා ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා වැදගත් වේ. 


sonar සාමාන්‍යයෙන් අතිධ්වනික තරංග පරාසය තුල (Ultrasonic Frequency Range)පවතී.එය සාමාන්‍යයෙන් මිනිස් කනට ඇසිය හැකි සංඛ්‍යාත පරාසයේ උපරිමය වන 20 000Hz ටත් වඩා වැඩිය.sonar සඳහා සාමාන්‍යයෙන්   20kHz– 100 kHz පරාසයේ සංඛ්‍යාත භාවිතා කරයි.





       අතිධ්වනි තරංග භාවිතා කිරීම විශේෂ වන්නේ මිනිසාට නොඇසෙන බැවින්ද(inaudiable),අනිත් තරංග වලට වඩා වෙනස් ගති ගුණ ඇති බැවින්ද, කුඩා තරංග ආයාම ඇති නිසා විවර්තනය අඩු බැවින් තරංග කදම්බය පැතිරීම අඩු නිසා,කුඩා වස්තුපවා හඳුනාගත හැකිවීම නිසාය.


මීට අමතරව sonar සහ අතිධ්වනි තරංග වල  තවත් බොහෝ යෙදුම් පවතී.



ප්‍රධාන වශයෙන් මෙම තාක්ෂණය වෛද්‍ය විද්‍යාවේදී Ultrasound Scanner උපකරණයේදී භාවිත කරයි.ඒ සම්බන්ධ ලිපිය පහත Link එක ඔස්සේ නැරඹිය හැක.
       Click Here
                       
                  
                                                       Article By-  Janith Prabhanuka
                                                                                      B.Sc (Eng.)Hon's[UG]
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment