Ultrasound Medical Imaging & Ultrasound Scanner-අතිධ්වනි තරංග පරිලෝකන යන්ත්‍රය

       Ultrasound Medical Imaging &
               Ultrasound Scanner          තිධ්නි රංග රිලෝ න්ත්‍ර




වෛද්‍ය විද්‍යාවේදී,ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය සඳහා ඡායාරූප ගැනීම( Sonograms ලෙසද හඳුන්වයි)වෙනුවෙන් අතිධ්වනි තරංග තාක්ෂණය ඉතා වැදගත් වේ. 

මේ සඳහා ස්ඵන්ද දෝංකාර ක්‍රමවේදයක් (Pulse Echo technique) භාවිතා කරමින් 1-10 MHz අතර සංඛ්‍යාත පරාසයක්  භාවිතා කරනු ලැබේ.

              එම Pulse Echo Technique පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහත වීඩියෝව  උපයෝගී කර ගත හැක.

                       
   එසේම එහි ක්‍රියාකාරිත්වය පහත රූප වලින් අවබෝධ කර ගත හැක.                 



අධික සංඛ්‍යාතයකින් යුත් ධ්වනි ස්ඵන්දයක් ශරීරය තුලට සෘජුවම ඇතුළු කර,එමගින් ලැබෙන පරාවර්තිත තරංග ඇසුරින් ශරීර අවයව වල සීමාවන්(Boundaries) හෝ මතුපිට ස්වරූපය දැක්වෙන රූප(Interfaces),ශරීර අවයව හා අනිකුත් ආකෘති(Structures) අතර හානිවූ ස්ථාන හඳුනා ගත හැක. 

පිළිකා සහ අනිකුත් අසාමාන්‍ය වර්ධන හෝ,දියර පිරුණු ප්‍රදේශයක් (Pockets of fluids) වෙන් කර හඳුනා ගත හැක.එමෙන්ම හෘද කපාට වල ක්‍රියාකාරිත්වය, භ්‍රෑණයකුගේ වර්ධනය ගවේෂණය කල හැක.එසේම මොලය, හෘදය,අක්මාව,වකුගඩු පිළිබඳව ගවේෂණය කල හැක.

එසේනමුත් X කිරණ ,අතිධ්වනි තරංග වෙනුවට ප්‍රතිස්ථාපනය කල නොහැක.මන්දයත් සමහර පටක/පේශි(tissues) හෝ තරල X-ray  ඡායාරූප මගින් නිරීක්ෂණය කල නොහැකි අතර,ultrasound මගින් ඒවායේ boundaries පරාවර්තනය කරන නිසා,Ultrasound Scanners වඩා සුදුසු වේ.

 *ස්ඵන්ද දෝංකාර තාක්ෂණය (Pulse Echo Technology),පහත පරිදි වෛද්‍ය විද්‍යාත්මක ඡායාරූපකරණයට භාවිත කරයි.


--කෙටි අතිධ්වනිත ස්පන්දයක්,පාරනායකයක් මගින්(සම්ප්‍රේෂණ පරිවර්තකයක්)[Transducer] භාවිතා කර,එනම් මෙහිදී විද්‍යුත් ස්පන්දයක්,ශබ්ද ස්පන්දයක් බවට පරිවර්තනය කර විමෝචනය කරනු ලැබේ.ස්ඵන්දයේ කොටසක් දෝංකාරයක් ලෙස ශරීරයේ එක් එක් අතුරුමුහුණත(Interface) මගින් පරාවර්තනය වන විට, ස්ඵන්දයේ වැඩි කොටසක් එය හරහා යයි.

   එම Transducer උපකරණය හා එහි ක්‍රියාකාරිත්වය පහත පරිදි වේ. 




       ** වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.



                                            

             එහිදී විද්‍යුත් ස්පන්දයක්,ශබ්ද ස්පන්දයක් බවට පරිවර්තනය කර විමෝචනය කරනු   ලැබේ.ස්ඵන්දයේ කොටසක් දෝංකාරයක් ලෙස ශරීරයේ එක් එක් අතුරුමුහුණත(Interface) මගින් පරාවර්තනය වන විට, ස්ඵන්දයේ වැඩි කොටසක් එය හරහා යයි.
                     


        එම  Transducer එක භාවිතයෙන්ම,පරාවර්තිත ස්පන්ද ග්‍රහණය(recieve) කොට,තිරයක්/මොනිටරයක් මත(Display Terminal/Monitor) ප්‍රදර්ශනය කල හැක

   ස්ඵන්දය විමෝචනය කල මොහොත හා නැවත පරාවර්තිත ස්පන්දය ග්‍රහණය කල මොහොත අතර කාලය,පරාවර්තිත පෘෂ්ටයට ඇති දුරට සමානුපාතික වේ.

 @.උදාහරණයක් වශයෙන්,Transducer උපකරණයේ සිට කශේරුකාවට දුර 25cm නම්, ස්පන්දය වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අතර එම මාර්ගය  2 * 25cm= 0.5m  දිගකින් යුක්ත වේ.මිනිසාගේ ශරීර පටක තුල ශබ්දයේ වේගය ආසන්න වශයෙන් 1540 ms-1 පමණ වේ.එබැවින් ගතවූ කාලය අනුව,
                                   t = d/v  = 0.5m/1540 ms-1 = 320 μs

               
      පරාවර්තිත ස්පන්දයේ ප්‍රභලත්වය,ප්‍රධාන වශයෙන් ප්‍රදේශ 2 අතර ඝනත්ව වෙනස මත රඳා පවතී.

         රූපයේ ආකාරයට ස්පන්දයේ ප්‍රභලත්වය තිතක් ඇසුරින් ප්‍රදර්ශනය කල හැක.එසේ සෑම තිතක්ම පරාවර්තිත තරංගයේ ප්‍රභලත්වය මත(තිතෙහි දීප්තිමත් බව අනුව තීරණය කල හැක),ස්පන්දය විනිවිද යන පටක වල ශක්තිමත් බව හා පටක වල ඝනකම පෙන්නුම් කරන බව උපකල්පනය කල හැක.
                                      




         ද්විමාන රූපයක් එම තිත් ඇසුරින් පරිලෝකනය(Scanning) අතරතුර නිර්මාණය කල හැක.Transducer උපකරණය පිහිටන ස්ථානය වෙනස් කරන විට/ Transducer සමුහයක් භාවිතා කරන විට,සෑම තැනකටම ස්පන්ද ගමන් කරන අතර දෝංකාර ග්‍රහණය කරනු ලැබේ.


           සෑම තිත් ඡායාවක්ම රූපයේ පරිදි විධිමත් ලෙස එකිනෙක දිස්වන අතර,රූපයේ අයුරින් Display Terminal එක මත රූපයක් ඇති කරයි.
රූපයේ රේඛා 10ක් පමණක් පෙන්වා ඇති නිසා රූපය පැහැදිලි බැවින් අඩුය.යොදන ස්ඵන්ද ගණන අනුව ඡායාරූපයේ  ප්‍රතිබිම්බයේ පැහැදිලි බව රඳා පවතී.


                 ඒ අනුව පහත අයුරින් ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ලබා ගත හැක.  










             ඉහත පැහැදිලි කරන ලද්දේ මෙහි මූලික ක්‍රමවේදයයි(Basic Of the Technology).
මීට අමතරව Ultrasound Medical Imaging ක්‍රමවේදය පිළිබඳව වැඩි දුර තොරතුරු පහත දැක්වේ.එමගින් මෙම ක්‍රමවේදය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත..
How Ultrasound works?.... 
                  
                   






 Ultrasound medical imaging -  Mechanical waves and sound-  Physics - Khan Academy








   ### ඒ පිළිබඳව තවත් තොරතුරු පහත PDF මගින් නරඹන්න   
                                              
 Download





                                
     Ultrasound Scanning Machine  පිළිබඳව දැන් අවධානය යොමු කරමු.

 **එම යන්ත්‍රයේ පවතින කොටස් හා ඒවායේ ක්‍රියාවන් පිළිබඳව පහත වීඩියෝවෙන් දැක්වේ.
                                   
                     
                          
               ** එම උපකරණය භාවිත කරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.


                                             
        Ultrasound Scanner Machine එක භාවිතා කර පරිලෝකන කටයුතු කරන අයුරු පහත                                             වීඩියෝවෙන් මනා ලෙස දැක්වේ. 


                                       
එසේම ගුවන් යානා වල භාවිතා වන රේඩාර් තරංග සඳහාද මේ හා සමාන ක්‍රමයක් භාවිත කරමින්,විද්‍යුත් චුම්බක තරංග භාවිත කොට දුර නිර්ණය/කාල නිර්ණය කල හැක.ඒපිලිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් අවබෝධ කර ගත හැක.


                
                                               
                                             Thank You!!!

                                                                                    Article by - Janith Prabhanuka
                                                                                                                  B.Sc (Eng.)Hon's[UG]

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment