විශිෂ්ඨයන්ගෙන් දැනගන්න; දිලාන් සචින්ත







නම: දිලාන් සචින්ත නයනජිත්
පාසල: මහින්ද ව්ද්‍යාලය, ගාල්ල
උසස් පෙල විශය ධාරාව: ගණිත අංශය
උසස්පෙල ප්‍රතිපල:
 (2015)

සංයුක්ත ගණිතය    A
රසායන විද්‍යාව           A
භෞතික විද්‍යාව         A
 

Z-score:2.6167
Island rank :64
District rank:05




Q:ඔබ මේ විශය ධාරාව තෝරගන්න හේතුව කුමක්ද? ඔබ ඔබේ තේරීම ගැන තෘප්තිමත්ද?
A:මට ගණිතය හා ඒ ආශ්‍රිත දේවල් වලට කලින් සිටම දැඩි ආශාවක් තිබුන. ඒකත් එක්ක මන් එදා ගත්ත තීරණය ගැන ගොඩක් තෘප්තිමත්.
 
Q:උසස් පෙල හදාරන්න පටන් ගත්ත කාලයේ ඇතිවුන හැගීම කොහොමද?
A: පටන් ගත්තු මුල් කාලෙදි නම් උනන්දුවෙන් වැඩ කලා. ඒත් පසුව ටිකක් කම්මැලි බවක් දැනුණ. ඒත් අන්තිම කාලෙදි මගේ ම්තුරන් එක්ක තරගකාරීව වැඩ කරන්න ලැබුන නිසා, මං අන්තිමේ ගොඩක් උත්සාහයෙන් වැඩ කලා.


Q:එම විශය ධාරාව හදාරද්දි ඇතිවුන බරපතලම ප්‍රශ්ණ මොනවද?
A: මට තිබුනු ලොකුම ගැටලුව වුනේ රසායන විද්‍යාවේ පාඩම් කොටස්  පාඩම් කරන්න තිබුනු දැඩි අකමැත්ත. ඒත් පසුව කෙසේ හෝ මා එය හදාගත්තා.

Q:ඔබ උසස් පෙල පාසල් අධ්‍යාපනයෙන් ලබාගත්තු දේවල් හා වැදගත්කම් මොනවද?
A: අපේ ගුරුවරුන්ගෙ ගුරුහරුකම්, උගන්වපු විශය කරුණු, මිතුරන් සමග ගත කල කාලය, මේ හැම දෙයක්ම මට ගොඩක් වැදගත්. ඒ කාලය මට ගොඩක් සතුටුදායක කාලයක්.

Q:ටියුශන් පංති තෝරාගනිද්දි ඔබ මූලිකව බලපු දේවල් මොනවාද?
A:මූලිකවම බැලුවෙ කලින් අවුරුදු වල ඒ ඒ ගුරුවරුන්ගෙ පංති ගිය අය කියපු දේවල් සහ ඒ ඒ ගුරුවරු ලබල තිබුනු ප්‍රතිපල.

Q:සුජිත් සර් ගෙ සහභාගී වූ පංති මොනවාද?
A: මං mcq revision එකට ආව.

Q:එයින් ඔබ අපේක්ෂා කල දේවල් ලැබුනාද?
A: ඇත්තටම කිව්වොත් මං හිතුවාටත් වඩා ගොඩක් දේ මට ලැබුන.

Q:සර්ගෙ ඉගෙනුම් ක්‍රමයෙ ඔබ දකින සුවිශේෂී දේවල් මොනවද?

A: ගොඩක්ම වැදගත් උනේ ගුරුවරයෙක් විදියට සර් ලමයි එක්ක සමීපව කටයුතු කරපු එක. ඒ වෙන දේවල් ගැන නෙවෙයි, ගොඩක්ම විශයානුබද්ධ කරුණු ගැන. ඒ වගේම හැම වෙලේම පුලුවන් උපරිමයෙන් නොතේරෙන දේ කියාදෙන්න සර් ලොකු වෙහෙසක් ගත්ත.

Q:පාඩම් කරද්දි අනුගමනය කල ක්‍රමවේදය කුමක්ද?

A: රාත්‍රී කාලයේ තමා ගොඩක්ම පාඩම් කලේ. නමුත් විශේෂ පැය ගණනක් තිබ්බෙ නෑ. උපරිම කාලයක් වැඩ කලා.


Q:ඔබ මේ ඉන්න තත්වයට එන්න ගොඩක් කැපවීම් කරන්න ඇති. ඒ විදිහට ඔබ කරපු කැපවීම් මොනවාද?

A: මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කලා.

Q:ඔබ ඔබේ අරමුණ නිශ්චිතව තබාගත්තේ කොහොමද?
A: අම්මයි තාත්තයි මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටිය. ඒ අයව සතුටු කරන්න අනිවා හොද result එකක් දානව කියල මං හිතාගෙන වැඩ කලා.
 

Q:විභාග ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලිවීමේදී අනුගමනය කරපු වැදගත් ක්‍රමවේද මොනවද?
A: එහෙම විශේෂ කාල කලමනාකරණයක් තිබ්බෙ නෑ. අමාරුයි කියල හිතෙන පාඩම් කොටස් මුලින් ඔලුවට දාගෙන, පස්සෙ ඒ ආශ්‍රයෙන් තිබුනු ගණන් හැදුව. පසු කාලීනව මුලු පේපර් එකටම උත්තර ලිව්වා. ආසම සහ මට හොදටම පුලුවන් ප්‍රශ්ණ මුලින්ම තෝරගෙන ලිව්ව.
 

Q:විවේකයක් ලැබුනු වෙලාවට කලේ මොනවාද?
A: පොත් කියෙව්වා, computer games play කරා, film බැලුව.

Q:මේ ගමනෙදි ඔබට සහාය වුනු අය කවුද?
A: මගෙ අම්මා, තාත්තා, අක්කා, ගුරුවරු, යාලුවො මේ හැමෝම මට ලොකු සහයක් දුන්න.

Q:ඔබේ අවසන් අනාගත අරමුණ?
A: හොද ඉංජිනේරුවෙකු වෙලා මාව මෙතනට ගෙනාපු හැමෝම සතුටු කරන්න ඕන.

Q:ඉස්සරහට උසස් පෙල ලියන්න ඉන්න් නංගිල මල්ලිලාට දෙන්න තියෙන පනිවිඩය මොකක්ද?
A: නංගිල මල්ලිලාට කියන්න තියෙන්නෙ, හැමවෙලේම එකම අරමුණක හිත ගොනු කරගෙන වැඩ කරන්න කියල. මේ කාලෙදි එක එක අදහස් හිතට ඇතුල් වෙන්න බලනවා. ඒ සේරම දේවල් පැත්තකට දාල, එක අරමුණකින් හිත හයිය කරන් වැඩ කරන්න. ඒ වගේම හොද මිතුරන් ඇසුරු කරන්න. තමන්ගෙ අම්ම තාත්තා ඔයාල වෙනුවෙන් වෙන මහන්සියට උපරිම වටිනාකමක් දෙන්න සිහි තබාගන්න.


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment