සංක්‍රමණ රටා භෞතික විද්‍යාවෙන්



 

 ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව.... මේ සියල්ල සොබාදහමේ විවිධ කොටස්‍ වේ. එසේනම් අද වන විට අපෙ ඉගෙන ගන්නා, අලුතින් සොයාගන්නා මෙකී නොකී සියල්ල මේ සොබාදහමේම පැතිකඩ වේ.

 භෞතික විද්‍යාව අප පොත පතේ කොතෙක් ඉගෙන ගත්තද, එහිදී අත්දැකිය හැක්කේ හුදෙක් න්‍යායන් පමණි. යතාර්ථවාදීව භෞතික විද්‍යාව දෙස බැලීමට නම් එම එක් එක් න්‍යායන් ස්වභාවධර්මයා යොදාගෙන ඇති අයුරු සූක්ෂමව අධ්‍යනය කිරීම වැදගත්‍ ය. මෙම ලිපියෙන් මා ඔබට දක්වනුයේ එසේ භෞතික විද්‍යාව සොබාදහමේ පිලිබිඹු වwන අංශු මාත්‍රයකි. මෙය කියවූ පසු, ඔබ තවදුරටත් භෞතික විද්‍යාව අවට වටපිටාවේ යෙදී ඇත්තේ කෙසේද යන්න විමසා බලන්නේ නම්, ඔබට භෞතික විද්‍යාවේ ආශ්චර්‍යය වැටහී යනු ඇත.
මෙම ලිපියෙන් මා පෙන්වා දෙන්නේ සතුන් තම සංචරණ ක්‍රියාවලි සදහා නිරායාසයෙන්ම භෞතික විද්‍යාව යොදාගෙන ඇති අයුරුය.


1.මිනිසා  

 

මිනිස් චලන සෑම විටම භෞතික විද්‍යාව හා බැදී පවතී. විශේෂයෙන්ම, ඇවිදීමේදී සිදුවන පා චලනද භෞතික විද්‍යාවේ මූලධර්ම මත සිදු වේ.

මෙහිදී, පලමුව පසුපස පාදය පොලොව මත තදින් තෙරපනු ලබයි. නිවුටන්ගේ තෙවන නියමයට අනුව, පොලොව මගින්ද පාදය මත ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ඇතිවේ. මෙම බලයේ තිරස් සංරචකය මගින් පසුපස පාදය ඉදිරියට තල්ලු කරනු ලබයි. මෙම බලයේ උපකාරයෙන් පාදය දණහිසින් නවා උකුල/ශ්‍රෝණිය වටා ඉදිරියට දෝලනය කරයි. මෙලෙස මිනිසා සිය සංචරණ ක්‍රියාවලියට භෞතික විද්‍යාව යොදාගනී.

2.මත්ස්‍යයින්

මත්ස්‍යයින් ජලය තුල පිහිනීම සදහාත්, ජලයතුල එකම මට්ටමක ස්ථාවරව සිටීමටත් වරල් වල චලන උපයෝගී කරගනී. මත්ස්‍යයින්ට විවිධ වූ වරල් වර්ග ඇත. ළය වරල්,ශ්‍රෝණි වරල්, ගුද වරල් ආදී විවිධ වූ වර්ල් වර්ග පවතී.
පොදුවේ ගත් කල, ශරීරයේ පැති වරල් වර්ග යොදා ගනුයේ ඉදිරියට පිහිනා යාමටත්, එකම මට්ටමක ස්ථාවරව සිටීමටත් ය. එම වරල් මගින් ජලය අඩු කාලයකදී පහලට තෙරපයි. එසේ ඇති කරන තෙරපුම් බලයෙ විශාලත්වයට සමාන, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් වරල් මත ජලයෙන් ඇති කරයි. එම බලගේ තිරස් සංරචකය මගින් ඉදිරියට පිහිනීමටත්, සිරස් සංරචකය ඉහලට පිහිනීම හා පාවීමටත් ආධාර වේ.




නමුත් පසුපස වූ වලිග වරල ඊට තරමක් වෙනස් වූ කාර්‍යයක් කරයි. එනම්, එය සැලීමෙන් සිදුකරන්නේ මත්ස්‍යයා පිහිනා යන දිශාව වෙනස් කර ගැනීමයි. ඒ පිලිබද පහත රූපසටහනින් මනාව පැහැදිලි වේ. එය හරියට මත්ස්‍යයාගේ ශරීරයේ සුක්කානම වැනිය.



3.පක්ෂීන්


පක්ෂීන්ගේ ප්‍රධාන සංචරණ ක්‍රියාවලිය පියාසැරීමයි. එම ක්‍රියාව සදහා ඔවුන්ට පියාපත් උරුම වී පවතී. පියාසැරීමේ දී මුලිකම අවශ්‍යතාවයන් 2කි. එක්ක නම් හැකිතාක් සත්වයාගේ ශරීරයේ බර අඩු කරගත යුතුය. දෙවැන්න නම් පියාසැලීම මගින් හැකිතාක් විශාල බලයක් ඉහලට ඇතිකරගත යුතුය.
ශරීර බර අඩු කර ගැනීමට, ප්‍රධාන වශයෙන් සැකිලි පද්ධතිය කුහර සහිතව සැකසී ඇත. එම කුහර තුල වාතය පිරී පවතී. අනෙක් පසින් සැහැල්ලු පිහාටු සහිත පියාපත් පවතී. බොහෝ පක්ෂීන්ගේ තම ශරීරයට සරිලන මට්ටමේ විශාල පියාපත් ඇත. ඒවා ඉතා තුනී හා පෘශ්ඨීය ක්ෂේත්‍රඵලය ඉතා විශාලය.

පක්ෂීන් තම පියාපත් ඉතා වේගයෙන් සැලීම සිදුකරයි. එම වේගවත් සැලීම හේතුවෙන්, එම පියාපත් මගින් ඉතා අඩු කාලයකදී, වැඩි වාත පරිමාවක් පහලට තල්ලු කරනු ලබයි. නිවුටන්ගේ තෙවන නියමයට අනුව, වාතය මගින්ද පියාපත් මත ඊට විශාලත්වයෙන් සමාන, ප්‍රතිවිරුද්ධ බලයක් ඇතිවේ. එම බලයේ සිරස් සංරචකය මගින් අහසේ පාවීමටත්,ඉහලට ගමන් කිරීමටත් හැකිවේ. තිරස් සංරචකයෙන් ඉදිරියට යාමට අවැසි බලය ලැබේ. මෙලෙස පක්ශීන් තම සංචරණය සිදු කරගනී.
බැලු බැල්මට පක්ශියාත්, මත්ස්‍යයාත් සංචරණයේ මූලික සිද්ධාන්තය එක හා සමානය. නමුත් මත්ස්‍යයාගේ වරල් සැලීමට වඩා, පක්ෂියාගේ පියාපත් සැලීමේ වේගය වැඩියි නේද? එයට හේතුව වාතය ජලයට වඩා ඝනත්වය අඩුය. එනිසා, වාතය තුල පක්ශියාට පාවීමටනම්, අඩු කාලයකදී වඩා වැඩි වාත පරිමාවක් පහලට විස්තාපනය කල යුතුය.
මෙම ඝනත්ව වෙනස නොතිබෙන්නට මිනිසා අද වනවිට ජලය තුල පිහිනා යන්නා සේ, වාතය තුල පියාසරනු ඇත.


4.සර්පයන්

සර්පයන් ප්‍රධාන වශයෙන් යොදාගන්නා සංචරණ ක්‍රමය බඩගා යාමයි. මෙහිදීද ඔවුන් නොදැනුවත්ව භෞතික විද්‍යාව යොදාගෙන ඇත.

සර්පයන්ගේ බඩගා යාමේ ප්‍රධාන ආකාර කිහිපයක් ඇත. ගල්, මුල්, ගොඩැලි වැනි රළු පෘශ්ඨවල ගමන් කිරීමේදී ශරීරය “s” ආකාරයට ශරීරය චලනය කිරීම සිදු කරයි. එහිදී ඔවුන් අවට ඇති විවිධ පෘශ්ඨවල තම ශරීරය තෙරපයි. එවිට එම පලයට සමාන විශාලත්වයක්, දිශාව ප්‍රතිවිරුද්ධ බලයක් ශරීරය මත ඇතිවේ. එම බලයේ ඉදිරියට ඇති සංරචකය මගින් ඉදිරියට ගමන් කිරීමත්, අනෙක් සංරචක එකිනෙකට කැපීගොස්, පැත්තට ගමන් කිරීම වලකී.
මීට අමතරව, පහත ආකාරයේ සංචරණ ක්‍රමද පවතී.




5.දැල්ලා

දැල්ලා යනු ජලය තුල ඉතාම වේගයෙන් සංචරණය සිදු කරන සත්වයෙකි. මෙහිදී සිදු වන්නේ ඉහත කී සංචරණ ක්‍රමවලින් හාත්පසින්ම වෙනස්ම වූ ක්‍රමයකි. දැල්ලා තමා වටා ඇති ජලය ශ්වසනය සදහා කරමල් වලට ජලය ඇතුල් කරගනී. පසුව, එම ජලය නිනාලය නම් විශේෂ අවයවයක් මගින් යලි පිටතට ඉහල වේගයකින් විදිනු ලබයි. එවිට බාහිර පරිසරයෙ ඇති ජලය මගින්ද දැල්ලාගේ ශරීරය මත ඊට ප්‍රතිවිරුද්ධ බලයක් යොදයි. එමගින් දැල්ලා ඉදිරියට ගමන් කරයි. මෙම වේගය ඉතාමත්ම අධිකය.






Share on Google Plus
    Blogger Comment
    Facebook Comment