ඔබ කිසිවිට දුර්වලයෙකු නොවේ!








ඔබ මේ ගෙවා දැමූ ජීවිත කාලය තුල කොතරම් හඩන්නට ඇතිද? කෙතරම් වේදනා විදින්නට ඇතිද? කෙතරම් වාරයක් ඔබට ඔබම එපාවෙන්නට ඇතිද? කොයිතරම් ජීවිතේ කඩාවැටෙන්නට ඇතිද? ව්ටෙක ඔබ සිතන්නට ඇති, ඇයි මා මේ තරම් දුර්වලයෙක්ව ඉපදුනේ කියා. ඇයි මා මේ තරමට පරාජිතයෙක් වන්නේ? ඇයි මා මේ ලෝකයෙ ඉපදුනේ කියාත් ඔබට විටෙක සිතෙන්නට ඇති.
නමුත්, එසේ ඔබට සිතෙනුයේ ඔබ සලකනුයේ ඔබ ගැනම පමණක් ම නිසාවෙනි. බොහෝදුරට ඔබ අත් පා සියල්ලෙන් සපිරි, හොද බුද්ධියක් සපිරි අයෙකි. නමුත් ඔබ මොහොතකට වත් සිතුවාද උපතින්ම අත් පා සියල්ල අහිමි අයෙකුගේ ජීවිතය කෙතරම් කටුක වනු ඇතිද කියා? ඔහු කෙසේනම් තම දිවි රැකගනීද කියා?
මෙයට හොදම උදාහරණයකි “Nick Vujicic”.  







ඔහු කවුද?
ඔහු ඉපදෙන්නෙ 1982 දෙසැම්බර් 4. නීරෝගි දරු සම්පතක් ලැබීම සෑම දෙමාපියෙකුම දකින සිහිනයකි. නමුත්, විටෙක ඒ සියල්ල සිතූ ලෙසටම සිදු නොවීමටද ඉඩ ඇත. අවාසනාවකට මේ දෙමාපියන්ට ලැබුනේ අත් පා සියල්ල අහිමි දරුවෙකි.
ආරම්භයේදී nick පිලිගැනීමට ඔහුගේ මව පවා අකමැති විය. නමුත්, සියලුම දුක් විදදරාගත් මේ දෙමාපියන් nick ව සතුටින් භාර ගත්හ.
Nicholas James Vujicic නම් වූ මේ කුඩා දරුවාට තම ළමා අවධිය ඉතා කටුක එකක් විය. සමාජයෙන් ඔහු වෙත ලැබුනේ ඉතාම පහත් ආකාරයේ බැල්මකි. විටෙක ඔහු මෙලෙස ඉපදුනේ ඇයිද යන්න ගැන ඔහු වෙත ඔහු වෙතින්ම පිලිකුලක් ඇති විය. නමුත් ඔහු දිරිය හා අරමුණ අත් නොහලේය.
දෙමාපියන්ද තම පුතුව ආදරයෙන් රැකබලා ගත්හ. ඔවුන් සිතුවේ තම පුතුට අත්පා සියල්ල අහිමි වුවද, ඔහුගේ කථන හැකියාවෙන් ඔහු දිනෙක ජය ගනු ඇත යන්නය.
සියලු දුක් කම්කටොලු හමුවේ ඔහු සිය අධ්‍යාපනය මැනෙවින් නිමා කලේය. ඔහු අවුරුදු 21දී Griffith university හී ව්‍යපාර අධ්‍යනය පිලිබදව උපාධ්ධරයෙකි. මීට අමතරව, ඔහු ගිණුම්කරණය හා මූල්‍ය සැලසුම්කරණය පිලිබද ද්විත්ව උපාධිධරයෙකි.
ඔහු තම හැකියාව මැනෙවින් වටහාගෙන, එම හැකියාවෙන් මේ වනවිට මුලු ලොවකට සිය මානසික සුවය සලසා ගැනීමට දේශන පවත්වයි. ඔහුගේ දේශනයක් සවන්දෙනවා යනු යමකුට තම වාසනාවට ලැබෙන්නකි. එම දේශන අවසානයේ දේශන ශාලාවෙන් යමෙකු පිටවන්නේ වෙනස්ම මනසක් ඇතිවය. අද වන විට ඔහු සිය හඩ ලොව පුරා රටවල් 57ක පමන, රසිකයන් මිලියන 6ක් පමණ  සිය අදහස් වලින් පෝෂණය කර ඇත. ඔහු ලියූ පොත් පත් ලොව පුරා  බොහෝ පිරිසක් කියවා සිය ජීවිතය එලිය කරගනී.


ඔහුගේ දේශණ






ඔහු ලියූ පොත්පත්



ඔහු දැන් නීරෝගීමත් දරු දෙදෙනෙකුගේ සෙනෙහෙබර පියෙකි. තවද ඔහු මේ වනවිට මිලියනපතියෙකුව හමාරය. ඒ අන් කිසිවක් නිසා නොව, සිය මොලය, හදවත යොදාගනිමින් සාරවත් අදහස් සමාජයට දායාද කිරීමෙනි.
බොහෝ දුරට, කියවන ඔබට nick තරම් දුක් ගැහැට විදීමට සිදුවී නොමැති යයි මා සිතමි. නමුත්, nick තමා සතු ශක්තිය වටහා ගත්තා සේ නුදුරේදීම ඔබත් ඔබේ ශක්තිය වටහා ගන්නට උත්සාහ කරන්න. 

ඔබ විසින් ඔබ හදුනාගන්න-ඔබ දුර්වලයෙක් නොවෙන බව සිතන්න-කිසිවිට ජීවිතය අත් නොහරින්න.

අවසාන වශයෙන් ඔහුගේ දේශනයක් දැක්වෙන වීඩියෝව බලන්න. 


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment