විශ්වය මානවයාට විවර කරන ගුරුත්වාකර්ෂණ තරංග







විශ්වය මානවයාට විවර කරන ගුරුත්වාකර්ෂණ තරංග

Gravitation waves 

“ගුරුත්වකර්ෂණ තරංග යනු අලංකාර නිමැවුමක් නමුත් කාටවත් කිසිම දවසක නිරීක්ෂණය කරන්න බැරි තරම් කුඩා තරංග විශේෂයක්” යන අයින්ස්ටයින්ගේ මතවාදය බිදලමින් ගුරුත්වකර්ෂණ තරංග නිරීක්ෂණය කිරීමට LIGO නිරීක්ෂණාගාරයට හැකිවිය.මෙම ගුරුත්ව තරංග පිලිබදව අයින්ස්ටයින් ඇතුලු විද්‍යාඥායින් රැසක් විවිධ මත පල කර ඇත. මෙම සොයාගැනීමත් සමග තාරකා භෞතික විද්‍යාව නව මාවතක් කෙරෙහි යොමුවනු නොඅනුමානය.

මොනවද මේ ගුරුවාකර්ෂණ තරංග කියන්නෙ.......?


සාපේක්ෂතාවාදය පිලිබද අයින්ස්ටයින්ගේ සිද්ධාන්තයේදී ගුරුත්වය කාල අවකාශයක නැම්මක් හටගත් සංසිද්ධියක් ලෙස විස්තර කෙරේ. තවද මෙම  ගුරුත්වාකර්ෂණ තරංග යනු මෙම අවකාශ කාලයේ සිදුවන විකෘති වීම්, නැතහොත් කැලඹීම් ලෙස විස්තර කර ඇත.
ගුරුත්වාකර්ෂණ තරංග හටගන්නේ කෙසේද.........?
අයින්ස්ටයින්ගේ මතය අනුව ගුරුත්වාකර්ෂණ තරංග කළු කුහර ගැටීමක් වැනි සුවිසල් සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නකි. තවද මෙම ගුරුත්ව තරංග හටගන්නා මූලාශ්‍ර ලෙස ද්විමය නියුට්‍රෝන තාරකා ද හැදින්විය හැක.

•    LIGO පර්යේක්ෂයන්ට අනුව,
        මෙම ගුරුත්වාකර්ෂණ තරංග සෑදී ඇත්තේ සූර්යයන් 29 ක හා 36 ක ස්කන්ධ ඇති කළු කුහර දෙකක් වසර බිලියන 1.3 කට පෙරාතුව ආලෝකයේ වේගය මෙන් අඩක වේගයෙන් සංඝට්ටනය වීමෙනි.මෙම තරංග සියලු දේ හරහා ගමන් කරන නිසා පෘථවියට ලගා වීමට ඒ හා සමානම කාලයක් විශ්වය හරහා ගමන් කර ඇතැයි විද්‍යාඥයින් පවසයි.

මොකක්ද මේ LIGO......? 

 LIGO dual detectors


LIGO – Laser Interferometer Gravitational Waves Observatory
LIGO යනු වර්තමාන ගුරුත්ව තරංග පරීක්ෂණ කිරීමේ නියමුවා ලෙස කෙටියෙන්ම හැදින්විය හැක. තමා හරහා යන ගුරුත්වජ තරංග වල අතිශය කුඩා කම්පන නිරීක්ෂණය කිරීමට සියුම්ව නිමවූ සර්වසම නිරීක්ෂක දෙකකින් LIGO පරීක්ෂණාගාර පද්ධතිය සමන්විත වේ. මෙම නිරීක්ෂණාගාර දෙක ඇමරිකාවේ Hanford හා Livingston ප්‍රදේශවල පිහිටා ඇත.

ගුරුත්වාකර්ෂණ තරංග හා තාරකා විද්‍යාව

ගුරුත්වාකර්ෂණ තරංග සොයාගැනීම තාරකා විද්‍යාව සදහා පුළුල් මාවතක් විවර කිරීමක් වැනිය. මෙම තරංගවලට අප කවුරුත් පාහේ දන්නා විද්‍යුත් චුම්භක වර්ණාවලියට වඩා වෙනස් වර්ණාවලියක් සතුය. එමගින් විශ්වයේ නොඇසෙන නොපෙනෙන බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාවක් ඇත. මෙම තරංගවලට විද්‍යුත් චුම්භක තරංගවලට කාවැදිය නොහැකිය. අභ්‍යවකාශ ප්‍රදේශවලට පවා ඇතුලුවිය හැක. තවද ඒකාබද්ධ කළුකුහර හා ඈත විශ්වයේ වෙනත් වස්තූන් නිරීක්ෂණය සඳහාද අවකාශ ලබාදීමට මෙම තරංග විශේෂයට හැකියාවක් ඇත. මෙමගින් සාම්ප්‍රදායික තාරකා විද්‍යාවෙන් ඔබ්බට පිය නැගීමට අප විද්‍යාඥයින්ට හැකිවනු ඇත. 

ගුරුත්ව තරංග තවතුරටත්.....

මෙම ගුරුත්ව තරංගවල සුවිශේෂී ගුණ 2 කි.
1)    මෙම තරංග උත්පාදනය කිසියම් වූ පදාර්ථයක් අවශ්‍ය නොවේ.
2)    මේවාට ඕනෑම පදාර්ථයක් හරහා විසිර යාමකින් තොරව ගමන් කල හැක.
ගුරුත්ව තරංගවල මෙම ගුණාංග දෙක තාරකා විද්‍යාත්මක අනාවරණ උදෙසා ඉමහත් සේ වැදගත් වේ.
සෛද්ධාන්තිකව ගුරුත්ව තරංග ඕනෑම සංඛයාතයකින් පැවතිය හැකි අතර දැනට සොයාගත් තරංග 10-7 – 1011 Hz අතර සංඛ්‍යාකවල පවතී. දුරේක්ෂවල තීව්‍රතාව අනුව තවම අඩුම හා වැඩිම සංඛ්‍යා තරංග නිරීක්ෂණයට අවස්ථාවක් නැත.
මෙම ‘ගුරුත්වාකර්ෂණ තරංග’ වල සොයාගැනීම හේතුවෙන් තාරකා භෞතික විද්‍යාව ඉහලම තලයකට ගෙනයාමට විද්‍යාඥයන්ට හැකිවනු ඇත.
නිමක් නොමැති විශ්වයෙහි ඇති බොහෝ දේ අතුරින් මිනිසුන් වන අපට ඇසෙනුයේ පෙනෙනුයේ ඉතාමත් අල්ප පරාසයක් පමණි. මිනිසාට දෘශ්‍ය ලෝකය යනු විශ්වයෙන් අංශු මාත්‍රයක් පමණි. ඒ නිමක් නැති විශ්වය ගවේෂණය කිරීමට අපිත් වෙර දරමු.

-    පසන් විමුක්ති මධුෂාන් -

 






Share on Google Plus
    Blogger Comment
    Facebook Comment