විශිෂ්ඨයන්ගෙන් දැනගන්න; ගයේෂා ශෙරින්




නම: ගයේශා ශෙරින් නානායක්කාර
පාසල: සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය, ගාල්ල
උසස් පෙල විශය ධාරාව: ජීව විද්‍යාව
උසස්පෙල ප්‍රතිපල:
 

ජීව විද්‍යාව            A
රසායන විද්‍යාව    A
භෞතික විද්‍යාව    A
 

Z-score: 2.3186
Island rank: 177
District rank: 13
 



 
Q:ඔබ මේ විශය ධාරාව තෝරගන්න හේතුව කුමක්ද? ඔබ ඔබේ තේරීම ගැන තෘප්තිමත්ද?

A:වෛද්‍යවරියක් වීම මාගේ කුඩා කාලේ සිටම තිබුනු ආසාවක්. ඒ වගේම මාගේ දෙමවුපියන්ගේද සිහිනයක්. ඒ නිසා මා මේ විශය ධාරාව තෝරගත්තෙ.
ඔව්. මා අතිශයින්ම තෘප්තිමත් මාගේ තේරීම ගැන. 


Q:උසස් පෙල හදාරන්න පටන් ගත්ත කාලයේ ඇතිවුන හැගීම කොහොමද?
A:මා තෝරගත්තු විශයන් තුන ගොඩාක් ගැඹුරු බව බව මට තේරුනා. ඒ නිසා කාලය කලමනාකරණය ගොඩක් අමාරු වුනා. ඒක මාව ටිකක් මන්දෝත්සාහී කරන්නත් හේතු වුනා.

Q:එම විශය ධාරාව හදාරද්දි ඇතිවුන බරපතලම ප්‍රශ්ණ මොනවද?
A:මුලදී එක විශයකට අමතර පන්ති කිහිපයකට යන්න වුන නිසා කාලය කලමනාකරණය ගොඩක් ගැටලු සහගත වුනා.

Q:ඔබ උසස් පෙල පාසල් අධ්‍යාපනයෙන් ලබාගත්තු දේවල් හා වැදගත්කම් මොනවද?
A:විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ශණ ටික අවබෝධ කරගන්න පාසලෙන් ලොකු සහයක් ලැබුන. ඒ වගේම වාර විභාග වලින් අපේ මට්ටම බලාගන්න ලොකු රුකුලක් වුනා.

Q:ටියුශන් පංති තෝරාගනිද්දි ඔබ මූලිකව බලපු දේවල් මොනවාද?
A:ප්‍රශ්ණ සාකච්ඡා කරන ගමන් පාඩම කියල දෙන එක ගැන ගොඩක්ම සලකලා බැලුවා.
 

Q:සුජිත් සර් ගෙ සහභාගී වූ පංති මොනවාද?
A:මම සර් ගෙ MCQ පංතියට සහාභාගී වුනා.
 

Q:එයින් ඔබ අපේක්ෂා කල දේවල් ලැබුනාද?
A:ඔව්. හොදින් ලැබුන.

Q:සර්ගෙ ඉගෙනුම් ක්‍රමයෙ ඔබ දකින සුවිශේෂී දේවල් මොනවද?
A:සිද්ධාන්ත කොටස් කරනවත් එක්කම ප්‍රශ්ණත්කරපු නිසා ගොඩක් හොදින් අවබෝධ වුනා. ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.

Q:පාඩම් කරද්දි අනුගමනය කල ක්‍රමවේදය කුමක්ද?  
A:විශේෂ ක්‍රමවේදයක් නම් තිබ්බෙ නෑ. ඒත් කෙටිසටහන් සකස් කරගෙන පාඩම් කලා.පාඩම් කලාට පස්සෙ ඒ පාඩමෙන් තියෙන ප්‍රශ්ණ ටිකක් හදල බැලුව. ඒ එක්කම සතියක් ඇතුලෙදි කරන්න තියෙන වැඩ ටික සතියෙ මුලදිම plan කරගත්ත. ඒක complete කරන්න උපරිම try කලා.
රෑ එලිවෙනකම් නම් පාඩම් කලේ නෑ. ඒත් වාර විභාග ලං වෙද්දි නම් ටික්ක එහෙම කලා.
 

Q:ඔබ මේ ඉන්න තත්වයට එන්න ගොඩක් කැපවීම් කරන්න ඇති. ඒ විදිහට ඔබ කරපු කැපවීම් මොනවාද?
A: A/L කරන්න පටන් ගනිද්දිම අනිත් සේරම අමතර දේවල් පැත්තකින් තියල මේකටම කැපවුනා.
විභාගෙට ආසන්න මාස 18 වගේ t.v. බලන එක නතර කලා.
 

Q:ඔබ ඔබේ අරමුණ නිශ්චිතව තබාගත්තේ කොහොමද?
A:මගෙත්, විශේෂයෙන්ම මං වෙනුවෙන් නිරතුරුව වෙහෙසෙන මගෙ දෙමාපියන්ගෙ ආසාව ඉශ්ඨ කරන්න ඔන කියන දේ මගේ හිතේ තදින්ම තිබුන. ඒක ගැන හිතාගෙන උපරිම කැපවීමෙන් වැඩ කලා.
 

Q:විභාග ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලිවීමේදී අනුගමනය කරපු වැදගත් ක්‍රමවේද මොනවද?

A:විවරණ පොත් කියෙව්වා. ඒ වගේම අමාරු ප්‍රශ්ණ තිබ්බොත් ඒව ගුරුවරුන්ගෙන් අහගත්ත.
උත්තර ලියද්දි, මුලින් පහසු, ඒ වගේම හොදටම දන්න theory කොටස් වලින් ආපු ප්‍රශ්ණ මුලින් කලා. පස්සෙ තමා අමාරු ඒව කරේ.


Q:විවේකයක් ලැබුනු වෙලාවට කලේ මොනවාද?
A: ගොඩක් වෙලාවට physics වල ප්‍රශ්ණ කරා. ඊට අමතරව, ගීත වලට ඇහුම්කන් දෙමින් විභාග ප්‍රශ්ණ කරා.

Q:මේ ගමනෙදි ඔබට සහාය වුනු අය කවුද?
A:මගේ අම්මා, තාත්තා, මල්ලි වගේම පාසලෙත් අමතර පංති වල ගුරුවරුනුත් ගොඩක් සහාය වුනා. ඒ වගේම මා අදහන  දෙවියන් වහන්සේගේ ආශිර්වාද මැද මට මේ තැනට එන්න ලැබුන.  
 

Q:ඔබේ අවසන් අනාගත අරමුණ?
A:යහපත් වෛද්‍යවරයෙක් වෙන එක.
 

Q:ඉස්සරහට උසස් පෙල ලියන්න ඉන්න් නංගිල මල්ලිලාට දෙන්න තියෙන පනිවිඩය මොකක්ද?
A:මට දෙන්න තියෙන පනිවිඩය නම්, මේ ගෙවන A/L ජීවිතේ අවුරුදු 2 ½ උපරිම කැපවීම කරල ගොඩයන්න කියන එක. මොකද මේ අවුරුදු 2 ½ තමයි කෙනෙක්ගෙ ජීවිතේ වෙනස් කරන කාලෙ වෙන්නෙ. ඒනිසා, මොන බාධක ආවත්, උපරිම උත්සාහයෙන් වැඩ කරන්න කියන එක තමා මට දෙන්න තියෙන උපදෙස.






Share on Google Plus
    Blogger Comment
    Facebook Comment