A/L ගැන විශිෂ්ඨයන්ගෙන් දැනගන්න- උදාන් ඉසුරංග




නම: M.T. උදාන් ඉසුරංග 
පාසල: මහින්ද විද්‍යාලය, ගාල්ල
උසස් පෙල විශය ධාරාව: ගණිත අංශය
උසස්පෙල ප්‍රතිපල:


District rank : 2
Z-score : 2.7643
Island rank : 28


සංයුක්ත ගණිතය    A
රසායන විද්‍යාව       A
භෞතික විද්‍යාව      A

Q:ඔබ මේ විශය ධාරාව තෝරගන්න හේතුව කුමක්ද? ඔබ ඔබේ තේරීම ගැන තෘප්තිමත්ද?
A: මා හට කුඩා කාලයේ සිටම ගණිතයට දැඩි ආශාවක් තිබුනා. එම නිසා මම දෙවරක් නොසිතා ගණිත අංශයෙන් හැදෑරීමට තීරණය කලා. එය ගැන මා තෘප්තිමත්.

Q:උසස් පෙල හදාරන්න පටන් ගත්ත කාලයේ ඇතිවුන හැගීම කොහොමද?
A: පළමු වර උසස් පෙල විභාගයට මුහුන දීල, අනිවාර්‍යෙන්ම මොරටුව ඉංජිනේරු පීඨයට තේරෙනව කියන අරමුණින්ම මුල ඉදන්ම වැඩ කලා.

Q:එම විශය ධාරාව හදාරද්දි ඇතිවුන බරපතලම ප්‍රශ්ණ මොනවද?
A: ලොකුම අභියෝගය වුනේ අරමුණින් පිට හිත යන්නට නොදී එහිම තබාගන්න එක.

Q:ඔබ උසස් පෙල පාසල් අධ්‍යාපනයෙන් ලබාගත්තු දේවල් හා වැදගත්කම් මොනවද?
A:විශේෂයෙන්ම පාසලේ ගුරුවරුන් ගෙන් ලැබුනු ගුරුහරුකම්, වාර විභාග වලට මුහුණ දීමෙන් උසස් පෙල ලියන්න ලැබුනු පෙර පුහුණුව, ඒ වගේම මිතුරන් සමග දැනුම හුවමාරු කරගනිමින් වැඩ කරන්නට ලැබීම මා පාසල් ජීවිතෙන් ලද වැදගත්ම දේවල් ලෙස කියන්නට පුළුවන්..

Q:ටියුශන් පංති තෝරාගනිද්දි ඔබ මූලිකව බලපු දේවල් මොනවාද?
A:  විවිධ ටියුශන් පන්තිවල මීට පෙර වසර වලදි සහභාගි වුන අයියල අක්කලා ගේ අදහස් වගේම ඒ ඒ ගුරුවරයා මින් පෙර ලබල තිබුණු ප්‍රතිඵල ගැන ගොඩක්ම සලකල බැලුව.

Q:සුජිත් සර් ගෙ සහභාගී වූ පංති වලින් ඔබ අපේක්ෂා කල දේවල් ලැබුනාද?
A: ඔව්. හොදින්ම ලැබුනා.

Q:සර්ගෙ ඉගෙනුම් ක්‍රමයෙ ඔබ දකින සුවිශේෂී දේවල් මොනවද?
A: ඉතා සංකීර්ණ විශය කරුණු ඉතාම සරලව හා පැහැදිලිව වටහා දීමත්, ඇතැම් අමාරු විශය කරුණු වරක්, දෙවරක් නොව බොහෝ වරක් හෝ සිසුන්ට පැහැදිලි කර දීමට නොපැකිලිව කටයුතු කිරීමත්, ඒ වගේම ගුරුවරයෙක් විදියට සිසුන් සමග නොපැකිලිව කටයුතු කිරීමත් සර් ගෙ ඉගෙනුම් ක්‍රමයේ වැදගත් සුවිශේෂී ගුණාංග විදියට මං දකිනව.

Q:පාඩම් කරද්දි අනුගමනය කල ක්‍රමවේදය කුමක්ද?
A: මම A/L වලට පංති යන්න පටන් ගත්තු කාලෙ ඉදන්ම එක සමාන ප්‍රමාණයකට වැඩ කලා. අනවශ්‍ය විදියට කාලෙ කා නොදැමූ නිසා අන්තිම කාලෙදි වැඩ ගැන ලොකු පීඩනයක් තිබුනෙ නෑ. පාසලෙත් පංතිවලත් එදිනෙදා දෙන විශය කරුණු එදිනෙදාම බලලා ඒවාට අදාලව තියෙන අභ්‍යාසත්, past papers ප්‍රශ්ණත් කලා. මුල සිටම විශයයන් තුනම සමබරව කලා. පංතිවල දෙන tutes ගොඩගැහෙන්නට නොදී සම්පූර්ණ කලා.  
අමතර පොත පත කියවල විශයයන් ගැන අවබෝධය තව වැඩි කරගත්තා. Physics වලට ලක්ෂ්මන් දිසානායක, රෝසා, ගීකියනගේ වැනි ආචාර්‍යය වරුන්ගේ පොත්පත්, Chemistry වලට ජයතිලක, රංග ගුණරත්න වැනි ආචාර්‍යය වරුන්ගේ පොත් පරිශීලනය කලා.  
A/L කාලය පුරාම දිනපතා රෑ 11.30 පමණ වෙනකන් පාඩම් කලා. නමුත් උදේම අවදිවෙන්න තිබ්බ අපහසුව නිසා උදේ පාඩම් කලේ නෑ. ගොඩාක් නිදි මැරුවෙ නැති වුනත්, අවදි වෙලා ඉදපු කාලෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා. අපහසු විශය කරුණු ගැන පාසලේදි මිතුරන් සමග සාකච්ඡා කරන්න ලැබීම ගොඩාක් උපකාරී වුණා. අන්තිම මාස 6 දි past papers කරන්න වැඩි කාලයක් කැප කලා.

Q:ඔබ මේ ඉන්න තත්වයට එන්න ගොඩක් කැපවීම් කරන්න ඇති. ඒ විදිහට ඔබ කරපු කැපවීම් මොනවාද?
A: කුඩා කාලයේ ඉදන්ම, ක්‍රිකට් තරග නරඹන්න , රූපවාහිනී නරඹන්න තිබුණ දැඩි ආශාව A/L කාලය පුරාම සම්පූර්ණයෙන්ම යටපත් කලා.

Q:ඔබ ඔබේ අරමුණ නිශ්චිතව තබාගත්තේ කොහොමද?
A: අම්මයි, තාත්තයි මං වෙනුවෙන් කරන කැපවීම වෙනුවෙන් ඔවුන්ට සතුටු වෙන්න පුලුවන් විදියෙ හොද result එකක් ගන්න ඕන කියන අරමුණේම හිටියා.

Q:විභාග ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලිවීමේදී අනුගමනය කරපු වැදගත් ක්‍රමවේද මොනවද?
A: විභාගයට යන්න කලින් timing කරල past papers කරල තිබුණු නිසා, විභාගයේදි ලොකු අපහසුවක් දැනුනෙ නෑ.

Q:විවේකයක් ලැබුනු වෙලාවට කලේ මොනවාද?
A: ක්‍රිකට් මැච් වල highlights බැලුවා.

Q:මේ ගමනෙදි ඔබට සහාය වුනු අය කවුද?
A: අම්මා, තාත්තා,ගුරුවරු, යාලුවෝ, නැදෑයෝ මේ හැම දෙනාම ගොඩක් උදවු කලා.

Q:ඔබේ අවසන් අනාගත අරමුණ?
A: මට උදවු උපකාර කල හැමෝටම සතුටු වෙන්න පුලුවන් විදියෙ තත්වෙකට එන එක.

Q:ඉස්සරහට උසස් පෙල ලියන්න ඉන්න් නංගිල මල්ලිලාට දෙන්න තියෙන පනිවිඩය මොකක්ද?
A: A/L කාලය පුරාවටම සිත එකම අරමුණක තියාගෙන, එයින් පිට යන්නට හිතට ඉඩ නොදී, අධිශ්ඨානයෙන්, උනන්දුවෙන් කටයුතු කරලා, පලමු වරම විභාගයෙන් ඉහලම ප්‍රතිඵලයක් ගන්න උත්සාහ කරන්න.







Share on Google Plus
    Blogger Comment
    Facebook Comment