SUCCESS STORIES-JACK MA

 
 SUCCESS STORIES-JACK MA


මේ ලෝකය තුල වෙසෙන මිනිසුන් පෙනුමින්, බුද්ධි ඵලයෙන්, හැකියාවන්ගෙන් අනන්ත වූ විවිධත්වයක් පෙන්වයි. නමුත් අප මතකයේ තබාගත යුතු දේ නම්, මිනිසුන් ඉහත කී විවිධ දේ වලින් වෙනස් වුවත්, එය විවිධත්වයක් පමණක් වන බවය. එකෙක් අනෙකාට වඩා උසස් හෝ පහත් යන්න ඉන් පෙන්නුම් නොවේ. නමුත් අවාසනාවකට මෙන්, අද සමාජය හුරු වී සිටින්නේ ඒ ආකාරයට සිතීමටයි.
මෙලෙස සමාජයේ ගැරහුමට, උපහාසයට ලක් වූ තවත් අයෙකි Jack Ma.




ඔහු පෙනුමින්ම කිසිවක් කරගත නොහැකි දුර්වලයෙකු බව සියල්ලෝ විශ්වාස කලහ. නමුත් මොහු අනාගතයේ ලොව වෙනස් කරන අයෙකු බව කිසිවෙක් විශ්වාස නොකලහ.
මොහු උපත ලබන්නේ චීනයේ hangzhou නම් ප්‍රදේශයකයි. ඔහු උපතින්ම ලද එකම දායාදය දුප්පත්කමයි. කුඩා කල සිටම ඉංග්‍රීසි විශය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඔහු, තම ඉංග්‍රීසි දැනුම ඉහල නංවා ගැනීමට, විදේශීය සංචාරකයන්ට නොමිලේ නගරය වටා සංචාරයන් ගෙනයනු ලැබුවා.
නමුත්, ඔහුගේ පෙනුමේ ඇති දුර්වලකම ඔහුට රැකියාවක් සොයාගැනීමට පවා නොහැකි තත්වයට ඔහුව පත් කලා. ඔහු අයදුම් කල රැකියා 30කින් පමණ ඔහුව බදවා ගැනීම ප්‍රතික්ෂේප කලා.
වරක් ඔහු සම්මුඛ සාකච්ඡාවකදී මෙවැනි ප්‍රකාශයක් සිදු කලා.
“මම වරක් මගේ නගරයට ආපු KFC වෙලදසැලට රැකියාඅ අයදුම්පතක් යැව්වා. ඒකෙ සම්මුඛ පරීක්ශණේට 24 දෙනෙක් ඇවිත් හිටියා. එයින් 23 දෙනෙක්ම රැකියාවට ගත්තා. නමුත් මා පමණක් අසමත් වුණා. තවත් වරක් මම පොලීසියට බැදෙන්න අයදුම්පතක් දැම්මා. ඔවුන් කිවා ‘ඔබ මෙයට නුසුදුසුයි’ කියලා.”
මේ සියල්ල අවසානයේ ඔහු තවකෙකුගේ අතදීමක් නැතිව ඔහුම නැගී සිටින්නට උත්සාහ කලා. මේ අතරතුරේදි ඔහුට අන්තර්ජාලය ගැන දැනගන්නට ලැබුනා. මුල් වරට ඔහු “BEER” යන යෙදුම ගගැන අන්තර්ජාලයේ විමසා බලද්දී(SEARCH) , බොහෝ රටවල නිශ්පාදන ගැන දැනගන්න ලැබුනත්, චීනයේ කිසිදු නිපැයුමක් ගැන එහිදී තොරතුරු ලැබුනේ නැත.
මේ ගැන දීර්ඝ ලෙස සිතූ ඔහු, මුල් වරට e-commerce සංකල්පය චීනයට හදුන්වා දෙනු ලැබුවා. මුලදී කුමන කර්තව්‍යටත් සමාජයේ ලැබෙන්නෙ ගැරහුමයි. එය මෙයටද අඩුවක් නැතිව ලැබුනා.




අද වනවිට, ඔහු සමස්ත ලෝකයේම විශාලතම හා විශ්වසනීයම “alibaba.com” online shopping ජාලයේ හිමිකරුයි. ඔහුගේ තනි අයිතියට alibaba.com, taobao marketplace, tmall, etao, alibaba cloud computing, juhuasuan, 1688.com, aliexpress.com සහ alipay යන සමාගම් 9 ම යටත්.
මේ වනවිට ඔහු, ඔහු පමණක් නොව, 20000කට ආසන්න සේවක පිරිසකගේත්, සමස්ත චීනයේත් කොදු නාරටිය වී හමාරය.



මේ වනවිට ඔහුගේ සමස්ත වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 22ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3300ක්.
මේ සියල්ලෙන් ඔබට ගත හැකි දෙය කුමක්ද? අපේ ජීවිත තුල බාධා, හැල හැප්පීම් කොතෙකුත් තිබිය හැක. අප අන් කවරුකුවත් පසුපස නොගොස් ඔබ ඔබම වන්නට උත්සාහ කරන්න. අවසාන වශයෙන්, ඔහු ගැන තවත් කරුණු රැසක් දැන ගැනීමට පහත වීඩියෝව බලන්න.




 





Share on Google Plus
    Blogger Comment
    Facebook Comment