එක මොහොතකින් පෘතුවිය විනාශ කර දැමිය හැකි Gamma Ray Burst


නිකමට කවදාහරි හිතලා තියෙනවද එක තත්පර ගානකින් මේ පෘතුවිය විනාශ කරලා දාන්න පුළුවන් දෙයක් ගැන. සමහවිට මෙහෙම කිව්වම ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඔව්, එක ක්ෂනිකයකින් මේ මුළු පෘතුවියම විනාශ කරලා දාන්න පුළුවන් ක්‍රමයක් දැනටම තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා.

ගැමා කිරණ කියන්නේ ශක්තියෙන් ඉතාමත් ඉහළ විද්‍යුත් චුම්භක තරංග වර්ගයක්. අපේ ඇහැට පේන්න තියෙන ආලෝකයේ තියෙන ප්‍රෝටෝනයක ශක්තිය වගේ මිලියන ගාණක් ඉහළ ශක්තියක් තියෙනවා මේ ගැමා කිරණ වල තියෙන ප්‍රෝටෝනයක් සතුව. මේ ගැමා කිරණ වල තියෙන ඉතාමත් ඉහළ ශක්තිය නිසා මේවට හැකියාව තියෙනවා පරමාණු වටා කක්ෂගත වෙලා තියෙන ඉලෙක්ට්‍රොන, ඒ කක්ෂ වලින් ගලවලා ඉවතට වීසි කරන්න. ඒ නිසාම මේ ගැමා කිරණ ජීවීන්ට හිතකරයි කියලා හඳුන්වන්න නම් බැහැ. මේ ගැමා කිරණ වලින් ජීවී සෛල විනාශවීම වගේම විකෘති වීම පවා සිදුවෙන්න පුළුවන්. ඒත්, පෘතුවිය වටේ තියෙන ඕසෝන් ස්ථරය නිසා පෘතුවියට එල්ලවෙන ගැමා කිරණ බොහොමයක් වළකාලන්න මේ ඕසෝන් ස්තරයට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබට තේරෙනවා ඇති, මේ ඕසෝන් ස්ථරයට ස්තුතිවන්ත වෙන්න තමයි මේ පෘතුවියේ ජීවය රැකිලා තියෙන්නේ. එහෙම නැත්නම්, මේ ගැමා කිරණ වල බලපෑම නිසා පෘතුවියේ ජීවය සදහටම නැතිවෙලා යන්න තිබුණා. 

ඇමරිකාව සහ රුසියාව අතරේ යුද්ධය තිබුණු කාලේ ඇමරිකාවේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරලා තිබුණා රහස් හොයාගන්න. මේ චන්ද්‍රිකාවට 1967දී හැකියාව ලැබුණා ගැමා කිරණයක් ග්‍රහණය කරගන්න. මේක බොහොම සුළු කාලයක් තමයි පැවතිලා තියෙන්නේ. නමුත්, මේ ගැමා කිරණය ඇවිල්ලා තිබුනේ නම් අභ්‍යවකාශයේ ඉඳලා. මේක බොහොම පොඩි වෙලාවක් තිබ්බ නිසා විද්‍යාඥයෝ මේකට කිව්වේ Gamma Ray Burst එකක් කියලා. පසුව විද්‍යාඥයෝ හොයාගත්තා මේ Gamma Ray Burst එක හටගන්නේ පෘතුවියට ආලෝක වර්ෂ බිලියන ගාණක් ඈතින් තියෙන මන්දාකිනියකින් කියලා. මේ කාරණාව ගැන විද්‍යාඥයෝ දශක ගණනාවක් තිස්සේ වාද විවාද කළා. මේ කාල සීමාවේ තිබුණු තාක්ෂණයත් එක්ක වගේම, මේ Gamma Ray Burst එක තියෙන්නේ බොහොම සුළු කාලයක් නිසා මේ Gamma Ray Burst එක එන්නේ කොහෙන්ද කියලා හරියටම හොයාගන්න එක අමාරු වුණා. 

ඒත්, 1997 දී මේ වෙනුවෙන්ම විශේෂයෙන්ම කක්ෂගත කරපු චන්ද්‍රිකාවකට හැකියාව ලැබුණා මේ ආකාරයේ Gamma Ray Burst එකක් හරියටම එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න. ඒ අනුව හොයාගන්න හැකියාව ලැබුණා මේ Gamma Ray Burst එක හටගෙන තියෙන්නේ පෘතුවියට ආලෝක වර්ෂ හයක් ඈතින් තියෙන මන්දාකිණියක කියලා. පොඩ්ඩක් හිතන්න, මේ Gamma Ray Burst එක ආලෝක වර්ෂ බිලියන හයක් දුර ගෙවාගෙන එන්න නම් කොච්චර ප්‍රබල වෙන්න ඕනෙද කියලා? 

තවදුරටත් මේ සම්බන්ධව පරීක්ෂණ කරපු විද්‍යාඥයින්ට සොයාගන්න හැකියාව ලැබුණා, මේ Gamma Ray Burst එකක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි, සුපර්නෝවා පිපිරීමක් සිද්ධවෙලා කළු කුහරයක් ඇතිවෙන අවස්තාවක්. දෙවැනි ක්‍රමය තවයි, ද්විත්ව නියුට්‍රෝන තරු දෙකක් එකට ඝට්ටනය වෙලා කළු කුහරයක් හැදෙනකොටත් Gamma Ray Burst එකක් ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ පිපිරීමක් වෙද්දී ඒක මේ මුළු විශ්වය පුරාවටම පැතිරිලා යනවා. හැබැයි, Gamma Ray Burst එකකදී ඒක කුඩා කදම්බ දෙකකට නාභිගත වෙලා තියෙනවා. ඒ හේතුව නිසා තමයි මේ Gamma Ray Burst වලට හැකියාව තියෙන්නේ ආලෝක වර්ෂ බිලියන ගාණක් දුර ගෙවාගෙන යන්න. 

සාමානයෙන් පෘතුවියට මේ වගේ Gamma Ray Burst දවසකට අඩුම වශයෙන් එකක් හෝ වදිනවා. ඒත්, ඕසෝන් ස්ථරය නිසා පෘතුවිය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසාම තමයි පෘතුවිය මේ භයානක විනාශයෙන් වැළකිලා තියෙන්නේ. නමුත්, අවාසනාවකට වගේ මේ Gamma Ray Burst එක පෘතුවියට ගොඩක් ආසන්නයෙන් සිද්ධවුනොත් හරි, මේ කිරණ කදම්බය පෘතුවිය කෙලින්ම ආවොත් හරි, මේ පෘතුවියේ ජීවය එක ක්ෂණිකයෙන් නැතිවෙලා යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ටිකක් ඈතින් සිදුවෙච්ච Gamma Ray Burst එකක් වුනත් පෘතුවියේ ඝට්ටනය වුනොත් එහෙම පෘතුවි ඕසෝන් ස්ථරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ, සූර්යාගේ අධෝරක්ත කිරණ වලට පෘතුවිය නිරාවරණය වීම නිසා කාලයත් එක්ක පෘතුවිය විනාශ වෙලා යන්නත් පුළුවන්. 

මේ විශ්වයේ දැනට ජීවය පවතින ග්‍රහලෝකයක් විදියට පෘතුවිය විතරක් තමයි හොයාගෙන තියෙන්නේ. ඒ නිසා, අපිට අනුමානයක් කරන්න හැකියාව තියෙනවා, පෙර ජීවය පැවතුණු ග්‍රහලෝක විනාශ වෙලා ගිහිං තියෙන්නේ මේ Gamma Ray Burst එකක් නිසා වත්ද කියලා. මොකද, Gamma Ray Burst හැම දිශාවකටම ගමන් කරන නිසා ඕනෑම වෙලාවක ඕනෑම ග්‍රහලෝකයක තියෙන ජීවය විනාශ කරලා දාන්න ගතවෙන්නේ එක් ක්ෂණයක් විතරයි. 


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment