ලොව පුදුමාකාරම ස්ථාන කීපයක්...



අපි මේ ජීවත්වෙන ලෝකය පිරිලා තියෙන්නේ පුදුමාකාර දේවල් වලින්. සමහරවිට ඔබ ඇසින් දකිනකම් පිළිගන්න එකක් නැහැ, මේ ලෝකේ මේ තරම් පුදුමාකාර ස්ථාන තියෙනවද කියලත්. විවිධාකාර භූ විෂමතා, ඒ ඒ රටවලට අදාළ කාලගුණ තත්වයන් සහ නොයෙකුත් හේතු සාධක මත ලොව වටාම හරිම පුදුමාකාර ස්ථානයන් සොයාගෙන් තිබෙනවා. ඒ වගේම අපිට අමතක කරන්න බැහැ, මිනිස් මොලය උපයෝගී කරගෙන පවා කෘතීම විදියට නිර්මාණය කරපු පුදුමාකාර ස්ථාන ලොව වටාම පිහිටා තිබෙනවා.

1) ඕස්ට්‍රේලියාවේ ලවණ මිශ්‍ර රෝස තටාකය



මෙය පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මධ්‍යම දූපත ආසන්නයේ. මෙහි තියෙන විශේෂත්වය තමයි, මෙහි ජලය රෝස පැහැති වීම. දිගු, සිහින් වෙරලක් මගින් මෙය සමුද්‍රයෙන් වෙන්වෙනවා. මේ ජලාශයේ දිග මීටර් 600ක් වන අතර, පළල මීටර් 250ක් පමණ වෙනවා. මේ ජලාශයේ ජලය රෝස පැහැයට හේතුව, මේ ජලාශයේ තිබෙන අයිඩ්‍රීය ඛණිජයක් බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා.


2) වියට්නාමයේ හැන්ග්-සෝන්-දොන් ගුහා


ලෝකයේ විශාලම ගුහාව ලෙස මෙය හඳුන්වා දෙනවා. 1991 වර්ෂයේදී සොයාගන්නා ලද මෙම ගුහා, වසර බිලියන 2-5 අතර කාලයක් පැරණි වන්නට හැකි බව පර්යේෂකයන් විශ්වාස කරනවා. මෙම ගුහාව කිලෝමීටර් 5ක් පමණ දිග වන අතර, මීටර් 200ක උසකින්ද, මීටර් 150ක පළලකින්ද යුක්ත වෙනවා. 


3) චීනයේ ටියැන්සි කඳු පන්තිය


චීනයේ හුණාන් දිස්ත්‍රිකයේ මෙම කඳු පන්තිය පිහිටා තිබෙනවා. මෙහි තිබෙන අලංකාර සහ පුදුමාකාර ස්භාවය නිසාම, ජේම්ස් කැමරන් මහත්මයාගේ ලෝක ප්‍රසිද්ධ "Avatar" චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා පවා මෙම ස්ථානය යොදාගෙන තිබෙනවා. අහස සිඹින මෙම දැවැන්ත කඳු පන්තීන්, තවමත් සංචාරකයන් සඳහා යෝග්‍ය ලෙස නම් කරලා නම් නැහැ.


4) චීනයේ විස්ටීරියා මල් මාවත 


චීනයේ, කිටා-කියුෂි නගරයේ පිහිටා තිබෙන මෙම උද්‍යානයේ, විස්ටීරියා මල් විශේෂ 150කට ආසන්න ප්‍රමාණය දැකගන්නට ලැබෙනවා. මිනිසා විසින් නිර්මාණය කරන ලද අති රමණීයම ස්ථානයක් ලෙස මෙය සැලකෙනවා. ආතතිය, කාන්සිය සහ අධික වෙහෙස නිසා ඇතිවන මානසික පීඩනය දුරුකර ගැනීමට සංචාරකයන් විශාල පිරිසක් මෙම උද්‍යානය වෙත පැමිණෙනවා. 


5) චීනයේ රතු මුහුදු වෙරල


චීනයේ පිහිටා ඇති මෙය, ලෝකයේ විශාලම තෙත් සහ වගුරු බිම ලෙස හැඳින්වෙනවා. මෙම වෙරල ආශ්‍රිතව පටු භූමි ප්‍රදේශ සහ, නොගැඹුරු මුහුදු පවතිනවා. මෙහි මේ රතු වර්ණයට හේතු වී ඇත්තේ, මෙහි ඇති අමුතු පැළෑටි විශේෂයක් නිසායි. 


6) ඇලස්කාවේ අයිස් ගුහාව


සමහරවිට දැකපු ගමන් හිතෙන්න ඇත්තේ චිත්‍රයක් කියලා. ඒත්, මේ සැබෑවටම ඇලස්කාවේ පිහිටා තිබෙන අයිස් ගුහාවක ඇතුලත දර්ශණයක්. මෙහි ඇති ග්‍රැසිරය මීටර් 1580ක් උසින් යුක්ත වන අතර, වර්ග කිලෝමීටර් 95.27ක භූමි භාගයක් පුරා පැතිරී තිබෙනවා. 


7) බොලීවියාවේ ලුණු තටාකය


මේ තමයි ලෝකයේ විශාලතම ලුණු තැනිතලාව. අතීතයේ මෙය ජලාශයක් ලෙස පැවතුණු අතර, ලුණු මිදීම නිසා ඝනකම වී තිබෙනවා. වර්ග කිලෝමීටර් එකොලොස්දාහක් පුරා පැතිරී තිබෙන මෙම තටාකය, ඉතා දුර්ලභ, අසමසම පරිසර පද්ධතියකින් සමන්විත බවට හැඳින්වෙනවා. ගුවන් නරඹන විට, මෙම තටාකය සම්පූර්ණයෙන්ම පැතලි ආකාරයෙන් දිස්වෙන්නේ නැහැ.


8) චීනයේ උණ වනාන්තරය 


අතිශය ඉහළ සංචාරක අවදානයක් දිනාගත් මෙම වනාන්තරය, කලබලකාරී වටපිටාවකින් තොරව, ස්භාවික පරිසරයක පිහිටා තිබෙනවා. හෙක්ටයාර සිය ගණනක් පුරා පැතිර පවතින මෙම උණ වනාන්තරය තුල උණ ගස් දස දහස් ගණනක් දක්නට ලැබෙනවා. 


ඉහතින් දක්වා තිබෙන්නේ, මේ මිහිතලය මත ඇති පුදුමාකාරම ස්ථාන බොහොමයක් අතුරින් අංශු මාත්‍රයක් පමණයි. විශේෂිත කාරණාව තමයි, අද වන විටත්, මිනිසාගේ ඇස නොගැටුණු මේ වගේ පුදුමාකාර ස්ථාන තව බොහොමයක් මේ මිහිතලය මත තිබෙන්නට පුළුවන්. 











Share on Google Plus
    Blogger Comment
    Facebook Comment