ඉන්ධන නොමැති අනාගත රොකට් යානා



"රොකට්" කිව්වම දන්නේ නැති කෙනෙක් ඉන්න බැහැ. මොකද, ඒ තරමටම මේ "රොකට්" කියන වචනය ලොකු-කුඩා-බාල-මහලු කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ දෙයක්. 

විවිධ වර්ග වලට අයත් රොකට් වර්ග මේ වන විට භාවිතා කරනවා. ඒත්, ඒ හැම රොකට් එකක් සඳහාම රොකට් ඉන්ධන අත්‍යාවශ්‍ය වෙනවා. මොකද, මේ රොකට් එක සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ මේ රොකට් ඉන්ධන වලින් තමයි. 

ඔබ සමහරවිට දැනටමත් දන්නවා ඇති, රොකට් එකක් ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කියලා.

"සෑම ක්‍රියාවකට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත."

මේ තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මේ නියමයට අනුව, රොකට් එකේ තියෙන ඉන්ධන දහනය වෙලා එලියට නිකුත් වුනාට පස්සේ, ඒ ක්‍රියාවට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් මේ රොකට් එක මත ඇතිවෙනවා. රොකට් එක මත ඇතිවෙන මේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවෙන් තමයි රොකට් එක ඉදිරියට ගමන් කරන්නේ. 

සාමාන්‍යයෙන් රොකට් එකක ස්කන්ධය දිහා බැලුවොත්, එයින් වැඩි ප්‍රතිශතයක් වැයවෙන්නේ රොකට් ඉන්ධන වෙනුවෙන්. සාමාන්‍යය අභ්‍යාවකාශ ගමනක් සඳහා රොකට් එකකට මේ ඉන්ධන බොහොම විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ නිසා, ඉතාමත් ඈතකට රොකට් යැවීම කළ නොහැකි දෙයක් වෙලා තියෙනවා. මේ නිසාම, නව විද්‍යාත්මක කරුණු සොයාගැනීමට පවා බාධාවක් වුණා.

මේ නිසාම විද්‍යාඥයින් නිරන්තරයෙන් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකලා. කාලයත් එක්ක බොහොම අඩු ඉන්ධන ප්‍රමාණයකින්, වැඩි දුරක් යන්න පුළුවන් ආකාරයට නව රොකට් ඉන්ධන හොයාගන්න මේ හැකියාව ලැබුණා. නමුත්, ඉන්ධන වලින් තොර විකල්පයක් නම් ඔවුන්ට හොයාගන්න බැරි වුණා.

ඒත්, පහුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙච්ච දෙයක් තමයි EM-Drive කියන්නේ. එහෙමත් නැත්නම්, Electromagnetic drive. මේ අදහස මුලින්ම යෝජනා කලේ, 1999දී, Roger Shawyer කියන විද්‍යාඥයා විසින්.  මේ EM-Drive කියන රොකට් එන්ජින් එකට කිසිම විදියකට ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ, අවශ්‍ය වෙන්නේ විදුලි බලය විතරයි. ගොඩක් විද්‍යාඥයින් කියපු දෙයක් තමයි, මේක ප්‍රායෝගිකව සිද්ධකරන්න බැරි දෙයක් කියලා. ඒ නිසාම, නාසා ආයතනය මේ EM-Drive එන්ජිම ප්‍රායෝගිකව අත්හදා බැලුවා.

EM-Drive යන්ත්‍රය සමගින් Roger Shawyer


EM-Drive


බොහොම සූක්ෂම විදියට, ඉතාමත් නිරවද්‍ය විදියට නාසා ආයතනය විසින් සිදුකරපු මේ EM-Drive එන්ජිමේ අත්හදා බැලීම අවසානයේ, බොහෝදෙනෙක් විසින් කල්පිතයක් ලෙස ඉදිරිපත් කරපු මේ EM-Drive එන්ජිම, සැබෑවටම ක්‍රියාත්මක වෙනවා කියලා නාසා ආයතනය නිළ වශයෙන්ම ප්‍රකාශයට පත් කළා. වැදගත්ම දේ තමයි, මේ EM-Drive එකත් ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුවයි. මෙහිදී වෙන්නේ, මේ රොකට් එන්ජින් එකෙන් එලියට ක්වොන්ටම් පාර්ටිකල්ස් ඉතාමත් වේගයෙන් ගමන් කරනවා. එමගින්, ඒකට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතිවෙනවා. අන්න ඒ විදියට තමයි මේ EM-Drive එකට හැකියාව ලැබෙන්නේ ඉදිරියට ගමන් කරන්න. 

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment